menu-iconlogo
huatong
huatong
nirmala-ranathunga-sina-mal-godak-cover-image

Sina Mal Godak

Nirmala Ranathungahuatong
migueljuan22huatong
Lirik
Rakaman
සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ

නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ

කදුලු මල් ගොඩක්.... පාර දෙපැත්තේ

නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ...

සිනා මල් ගොඩක්

නෑ කදුලු මල් ගොඩක්

බලන්න ආසයි හැන්දෑ බටහිර අහසේ

ඉගිල්ලෙන්නද මං කිරිල්ළියක වාගේ අම්මේ

ඒ අහසේ සුළං කපොලු විදුලි අකුණු මන්දාරම්

මේ විශ්වයෙ රටාව තව නෑ දූ දන්නේ

සිනා මල් ගොඩක්

නෑ කදුලු මල් ගොඩක්

අහන්න ආසයි තුරැහිස කුරැළු ගී පිරේ

අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ

ගැයෙනා මුතු කැට පදවැල්

සීරේන විට කදුලු ගලයි

ඒ ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ

නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ

කදුලු මල් ගොඩක් පාර දෙපැත්තේ...

නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ

සිනා මල් ගොඩක්

නෑ කදුලු මල් ගොඩක්

Lebih Daripada Nirmala Ranathunga

Lihat semualogo