menu-iconlogo
huatong
huatong
Lirik
Rakaman
රන් සමනලයෙක් ඇයගේ මුහුණේ,

පැණි බොන්නට ඇවිදින්

කොහොමද සමනලයාට ඉතින් අපි,

ඇත්ත කියා දෙන්නේ

ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන්,

ඈ ළඟටම ඇවිදින්

කවුරුද ඇය කෙවිලියක් නොවන වග,

උන්ට කියා දෙන්නේ

මොණරෙක් නැති වුනු සිකි පිල් සොයමින්,

ඇයගේ වරල සිඹී

ඒ මොණරා හට තතු පහදන්නේ,

මොන විදියටද අපී

නාගස නාදළු නරඹයි ඇයගේ,

තොල් පෙති වෙතට එබී

අනේ අහිංසක නාගස ඇය හට,

රැවටී තිබෙන හැටී

විලෙන් පලා ගිය හංස යුවල කෝ,

විල ඇයගෙන් විමසයි

දෑතින් සිය ළැම මඬල වසාගෙන,

විලියෙන් ඈ ඇඹරෙයි

කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ,

මහනෙල ඇගෙන් අසයි

මානෙල් මල් පෙති ගත්තේ නැති බව,

කියමින් ඈ දිවුරයි

රන් සමනලයෙක් ඇයගේ මුහුණේ,

පැණි බොන්නට ඇවිදින්

කොහොමද සමනලයාට ඉතින් අපි,

ඇත්ත කියා දෙන්නේ

ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන්,

ඈ ළඟටම ඇවිදින්

කවුරුද ඇය කෙවිලියක් නොවන වග,

උන්ට කියාදෙන්නේ

Lebih Daripada Rohana Weerasinghe/Deepika Priyadarshani/bathiya/Santhush

Lihat semualogo