කල්වාරි කඳු පාමුල
මග්දලේනා මරියනි
සාංකාමය දෑස් පතුලින්, කොන්ත තරු එළි දැල්වුණි
පින්තාරු කල සිහින නගරයේ
සංසාරයේ සළු මිදුණාද, ප්රේමියේ
නින්නාද දී ඇසෙන කන්තාරු හඬට සන්තාප සුසුමකින් ඇහැරෙමි
හුරු පුරුදු කඳුලකින් ඇණ ගැසෙන ප්රේමයේ කුරුසයක බර දරා හිනැහෙමී
නන්නාඳුනන රැය දිගුවක් ය රාගයේ
පළමු ගල ගසාපන් ද්වාරයට ස්වර්ගයේ
උත්ථානයේ සිහින නොදකිමි
සන්තානයේ නිනද දී ඇසේ නැසෙන ගීතකාම ස්වරය මරියනි
ඇහි පියල්ලක මිදුනු පිණි කඳුලු උල්පතක ස්වර්ගීය උණුහුමෙන් පිබිදෙමි
නන්නාඳුනන රැය දිගුවක් ය රාගයේ
පළමු ගල ගසාපන් ද්වාරයට ස්වර්ගයේ
උත්ථානයේ සිහින නොදකිමි