කම්බි තාප්පෙට හිර කරගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කල වරද කියාපන් නුඹවත්
හුළඟ දිගේ ඇවිදින් අම්මේ
මලහිරු බැස යන විට නිල් අහසේ
නුවර පන්සලේ හඬ අම්මේ
තැටිය අරන් පෝලිමට දුවනවා
වඳින්නෙ මහ රෑටයි අම්මේ
Music
පරණ චීත්තෙට ඔළුව තියාගෙන
පන් පැඳුරේ සුව පහස ලැබී
පුංචි කාලෙ ඉඳලම දුක් වින්දා
කොස් ඇට වල රහ හොඳට දනී
අම්මට තනියම නුවර එන්න බෑ
බෝගම්බර මහ සයුර වැනී
අම්මගෙ නම මම පපුවෙ කොටනවා
ඉඳිකටු මිටියෙන් හැඩට ඇතී
කම්බි තාප්පෙට හිර කරගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කල වරද කියාපන් නුඹවත්
හුළඟ දිගේ ඇවිදින් අම්මේ
Music
වාට්ටුවේ අය එකා වගේමයි
පසු තැවි තැවි තනියම අඬලා
රජසිටු මැතිවරු ලෝකෙ දකින්නේ
මෙතන ඇවිල්ලයි දුක දැකලා
තනිපංගලමේ මහ රෑ යාමේ
නුඹ අඩනා හැටි මට මැවිලා
කම්බිකූරු වල ඔළුව ගහනවා
පපුවේ ගින්දර මට දැනිලා
කම්බි තාප්පෙට හිර කරගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කල වරද කියාපන් නුඹවත්
හුළඟ දිගේ ඇවිදින් අම්මේ
මලහිරු බැස යන විට නිල් අහසේ
නුවර පන්සලේ හඬ අම්මේ
තැටිය අරන් පෝලිමට දුවනවා
වඳින්නෙ මහ රෑටයි අම්මේ
වඳින්නෙ මහ රෑටයි අම්මේ
වඳින්නෙ මහ රෑටයි අම්මේ
Track by SunildeseramSuni
Aakash Noval Production