(A)පාරාදීසේ මා හා එක් වීලා…
දිවි ගමනේ ඔහු ආවා..
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා ..
පෙරදා.. හැඬුවා…
(B)පාරාදීසේ මා හා එක් වීලා…
දිවි ගමනේ ඔහු ආවා..
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා ..
පෙරදා.. හැඬුවා…
(A)ඔබ නලවමි මම..
ඔබ සනසමි මම..
සවන පුරා කීවා..
දෙරණ පුරා මා ඉකිබිඳිනා හඬ..
රැව් පිළිරැව් දුන්නා
සිත බැඳිලා රැඳිලා..
පාරාදීසේ මා හා එක් වීලා…
දිවි ගමනේ ඔහු ආවා..
(B)ශෝකාලාපේ ගීතේ මා ගැයුවා ..
පෙරදා.. හැඬුවා…
(B)ආදර ලෝකේ..
මිහිර ලබන්නට..
මා ආවද මන්දා..
බැඳුනු සෙනේ
හද බිඳුනු නිසාදෝ..
ඔහු ආවේ කැන්දා..
සිත බැඳිලා රැඳිලා
පාරාදීසේ මා හා එක් වීලා…
(A)දිවි ගමනේ ඔහු ආවා..
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා ..
පෙරදා.. හැඬුවා…
පෙරදා.. හැඬුවා…
(B)පෙරදා.. හැඬුවා…
පෙරදා.. හැඬුවා…
(A)පෙරදා.. හැඬුවා…
පෙරදා.. හැඬුවා…