Welcome…
Part 1 male
prasa
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු
PRASA
ජීවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමුවූයේ
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ
මින් මතු මං පෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමණක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ
PRASA
මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එළැඹෙනදා
කුළුදුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙන දා
සංසිදුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුළුදුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමූ
Thank you