menu-iconlogo
huatong
huatong
Letra
Gravações
හද විමන් දොරින්

එන පැතුම් පවන්

විහිද යයි හමා...

පියඹනා කල්පනා

රසේ දේ අමා...

මල් උයන් තුලින්

විල් ගඟුල් මැදින්

සුගන්දය ගලා...

එකතු වී කිති කැවී

රැඳේ එක්වෙලා...

සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ..

ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ..

ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ..

ආදරයේ පුරාණේ හිත ඇදී ගියේ..

උදා වූ වසන්තේ සදාකල් රැඳේවා...

හද විමන් දොරින්

එන පැතුම් පවන්

විහිද යයි හමා..

පියඹනා කල්පනා

රසේ දේ අමා...

මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී..

ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී..

ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා..

පා කරමූ සුනිල්වන් වලාවක් සොයා..

උදා වූ වසන්තේ

සදාකල් රැඳේවා...

හද විමන් දොරින්

එන පැතුම් පවන්

විහිද යයි හමා..

පියඹනා කල්පනා

රසේ දේ අමා..

මල් උයන් තුලින්

විල් ගඟුල් මැදින්

සුගන්දය ගලා..

එකතු වී කිති කැවී

රැඳේ එක්වෙලා...

Mais de H. R. Jothipala/Anjaleen Gunathilake

Ver todaslogo