menu-iconlogo
huatong
huatong
avatar

Duhul Meedume දුහුල් මීදුමේ...

H.r Jothipalahuatong
mskiia2uhuatong
Letra
Gravações
ගේ වැඩක්

දුහුල් මීදුමේ... සිහිල් මාරුතේ

නදී නිම්නයේ ..රුවක් ඉන්නවා...

ඒ රූප නාරී හිඳී නෙත් ඇරන්..

රුවි නාර සෙනෙහෙ හැඟුම් මත්වෙමින්..

මට තාම සීතයි මගේ රත්තරන්

Music

ලා ලා ලා ලල ලලල් ලා

ම් ම් ම් ම් ම්.........

ගස වට කරනා මේ මල් පිපුණා

අතු ඉති සැදුණා හැම දවසේ....

ඇයි අද වාගේ ...පෙර කවදා හෝ

විසිතුරු නැත්තේ මේ පියසේ

මිහිරි කුරුල්ලෝ අදයි ගෙනාවේ

පෙම් කව ලියවූ පොත අපගේ

සසැලේ ...සිත මා ...ඇයි ඒ ....මිහිරේ

නිමල් නිල්වලා සෙමින් ළංවෙලා

රටාවන් අඳියි ...වලා මංඩලේ

කවුරුන්ද ඇඳුණේ එවන් රූ තුළින්...

එය මාද නැහැනේ ඔබයි ඒ ළඳුන්

මට තාම සීතයි මගේ රත්තරන්

Music

පදුම කුමාරී පත්ම වනේ හී

මේ ලස්සන පෙර නැහැ දුටුවේ...

මිටියාවතෙහී දිය ඇලි අතරින්

අප මේ ලෙස පෙර නෑ බැලුවේ

ඇඟිලි අගින් හෝ පනින පවන් හී

ඉන්න එපා ඔබ මට නොදැනී

සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ

දුහුල් මීදුමේ... සිහිල් මාරුතේ

නදී නිම්නයේ ..රුවක් ඉන්නවා...

ඒ රූප නාරී හිඳී නෙත් ඇරන්..

රුවි නාර සෙනෙහෙ හැඟුම් මත්වෙමින්..

මට තාම සීතයි මගේ රත්තරන්

If you like this Song, hit

thanks

Mais de H.r Jothipala

Ver todaslogo