menu-iconlogo
logo

Ahasin Eha

logo
Letra
අහසින් එහා තරු මං දිගේ

පියඹන්න දැන් විහඟෙකු ලෙසින්..

අහසින් එහා සිහිනය දිගේ

පියඹන්න නම් ආසයි ඉතින්..

හිත කළඹමින් හැඟුමන් ඇවිත්..

ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්

හද ගී පොතේ..

සත්සර නැගේ..

ඒ ආදරේ..

සිතුවිලි කුසුම් විකසිත වෙමින්

මකරන්ද සුවඳින් පිරේ..

ඔබගේ හඬින් විවරණ අරන්

ජීවිතය ගීයක් වුනේ..

දවසක උතුම් කිරුලක් දරන්

ඔබ එන්න රැජිනක් ලෙසින්..

හිත කළඹින් හැඟුමන් එඹී

ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්..

අහසින් එහා තරු මං දිගේ

පියඹන්න දැන් විහඟෙකු ලෙසින්..

අහසින් එහා සිහිනය දිගේ

පියඹන්න නම් ආසයි ඉතින්..

හිත කළඹමින් හැඟුමන් ඇවිත්..

ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්

හද ගී පොතේ..

සත්සර නැගේ..

ඒ ආදරේ..

Ahasin Eha de Kasun Kalhara – Letras & Covers