මේ තරම් පෙරනිමිති මවනා
නුඹම තමයි වස්සාන අහසින්
නොබසිනා වරුසාව වී ඉන්නේ
නොබසිනා වරුසාව වී ඉන්නේ
මේ තරම් බිය රැලිති නගනා
ඟං දිය නුඹ මැයි මා බිය සේ
මේ ලෙසින් නිසල වී යන්නෙ
මේ ලෙසින් නිසල වී යන්නෙ
ඒ තරම් ඈතකට ඇදෙනා
දෙව්ලිය නුඹ මැයි රෑ තුන්යමේ
සිහිනයෙන් මා වෙලාගෙන යන්නේ
සිහිනයෙන් මා වෙලාගෙන යන්නේ
මේ තරම් පෙරනිමිති මවනා
නුඹම තමයි වස්සාන අහසින්
නොබසිනා වරුසාව වී ඉන්නේ
නොබසිනා වරුසාව වී ඉන්නේ