menu-iconlogo
huatong
huatong
avatar

Madhu Bandun මධු බඳුන් Uploaded by Sangeetha සිංහ නාද

Nirmala Ranathungahuatong
🦁Sangeetha❥🇱🇰huatong
Letra
Gravações

Track No 113

2022/01/23

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

තනු නිර්මාණය - එච්. එම්. ජයවර්ධන

ගායනය - නිර්මලා රණතුංග

මධු බඳුන් දෙතොල්

විෂ බඳුන් කළේ

නිර්දය වු මිනිසුනේ ඔබයි

නිල් උපුල් නුවන්

ගිනි උඳුන් කළේ

නිර්දය වු මිනිසුනේ ඔබයි

සියුමැලි මා සිත

තලා පෙළා රවටා

සිවු සැට මායම්

ඔබයි කියා දුන්නේ

මියුලඟ'නක වූ මා

මුදු හද රිදවා

වෛර කරන්නට

ඔබයි කියා දුන්නේ...

මධු බඳුන් දෙතොල්

විෂ බඳුන් කළේ

නිර්දය වු මිනිසුනේ ඔබයි

නිල් උපුල් නුවන්

ගිනි උඳුන් කළේ

නිර්දය වු මිනිසුනේ ඔබයි

රුදුරු සැපින්නක

සේ හද ගැබ කලඹා

ද්වේශ කරන්නට

ඔබයි කියා දුන්නේ

නොමැකෙන කැළලින්

නොනිවෙන ගිනි මොලවා

වරද බැඳෙන්නට

ඔබයි කියා දුන්නේ....

මධු බඳුන් දෙතොල්

විෂ බඳුන් කළේ

නිර්දය වු මිනිසුනේ ඔබයි

නිල් උපුල් නුවන්

ගිනි උඳුන් කළේ

නිර්දය වු මිනිසුනේ ඔබයි

බොහොම ස්තුතියි

Mais de Nirmala Ranathunga

Ver todaslogo

Você Pode Gostar