menu-iconlogo
logo

Sada Ahimi Babarek සඳ අහිමි බඹරෙක් ය මා - Pradeepa Dharmadasa & Kasun Kalhara

logo
Letra
M සඳ අහිමි බඹරෙක්ය මා

F හිරු අහිමි කඩුපුලකි මා

M මා නොදුටු සඳ එළියෙ කිමිදෙන්න ඇත්නම්

F මා නොදුටු හිරු එළිය විඳගන්න ඇත්නම්...//

M මා සිතින්

F මගේ සිතින්

M/F අපේ ලොවට

M මේ වෙනස

M නොවෙනස්ව රැකගන්න ඇත්නම්

M බඹරුන්ද

F රෑ සඳුද

M එකිනෙකට සමුදේද

M/F ඒ ලොවෙන් පිටවෙන්න ඇත්නම්

M ඔබ මා ද

F මා ඔබ ද

M/F හමුනොවන

M මේ අඳුර

M මේ එළිය දුරලන්න ඇත්නම්

F හිරු රැසින්

M කඩුපුලින්

F රොන් සුනොත් වැගිරේද

M/F ඒ ලොවෙහි හමුවෙන්න ඇත්නම්

M සඳ අහිමි බඹරෙක්ය මා

F හිරු අහිමි කඩුපුලකි මා...//