By Vikum
සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ
සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේහි රැඳෙන්නේ
By Vikum
මල් මාවතේ සැරිසරාලා
නැළවුණු ළඳේ තුරුලු වීලා
සමනල්ලු කෝ අද ගිහිල්ලා
මල් ගොමුවේ නෑ මල් පිපීලා
ඔබ නොඑන මේ බිම් තලාවේ
පාළුව හඬයි රෑ දවාලේ
කවදාක හෝ යළි සිනාසෙයි ආයේ
ආවා කියා පෙම්බරාවී
හද වේදනාවන් නිවේවී
සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ
සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේහි රැඳෙන්නේ
By Vikum
නිල්වන් ගැබේහි පියාඹා
එන්නම් ප්රියේ ඔබ සොයාලා
සිඳලන්න මේ කඳුළු ගංගා
හද වේදනා මදිද වින්දා
යළි මාවතේ මල් පිපීලා
සමනල්ලු රෑනෙ පිරීලා
ඔබ මා ළඟින් ඉන්නවානම් ආයේ
මල් මී වසන්තේ උදාවී
හද වේදනාවන් නිවේවී
සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ
සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේහි රැඳෙන්නේ