menu-iconlogo
huatong
huatong
Letra
Gravações
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

නෙත් දාහක් පසු කර විත්

මට හිමි දෙනුවන දුටු විට

හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ

මා සිත් අහසට.....

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

නෙත් දාහක් පසු කර විත්

මට හිමි දෙනුවන දුටු විට

හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ

මා සිත් අහසට.....

දූවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ

මට නුපුරුදු ගමට එන්න බෑ

මේ නගරය අත්හරින්න බෑ

මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ

මේ නගරයේ කූඩු වෙන්න බෑ

ගම්මානය අත්හරින්න බෑ

අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ

අතැර නුඹට ගමට යන්න බෑ

මේ නගරය අත්හරින්න බෑ

මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ

මේ නගරේ පාළු වෙන්නෙ නෑ

මං තනියෙන් ගමට යන්නෙ නෑ

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

නෙත් දාහක් පසු කර විත්

මට හිමි දෙනුවන දුටු විට

හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ

මා සිත් අහසට.....

Mais de Samitha Mudunkotuwa/Athula Adikari

Ver todaslogo