menu-iconlogo
huatong
huatong
Тексты
Записи
නිහඬ ගමනේ මේතරම් දුර

ඇවිද අපි එකවාගේ

මිහිරි මතකේ සැරිසරා ඔබ

නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ

රැඳෙනු මාගේ සුවඳ වාගේ

බඹර නාදේ ඇසෙන මානේ

රැඳෙනු මාගේ සුවඳ වාගේ

හා හා හා හා.. හා හා හා හා..

හා හා හා හා.. හා හා..

හා හා හා හා.. හා හා හා හා..

හා හා හා හා..

ප්‍රාර්ථනා තවරා ආදරේ

ඉන්න ඉඩදෙන්න තුරුලේ

හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ

ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ

සිඹින සියුමැලි නුඹෙ දෙතොලතරේ

ගැඹුරු හද කැලබුව ඔය කඳුලේ

රහස නොහැගේ මගෙම ළඳුනේ

දෑත් විදා ළමැදේ ආදරේ

දෙන්න විඳගන්න රිසිසේ

නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ

ලබන හැම ආත්මයම ඔබගේ

ළඟම ඉන්නයි මම නම් පැතුවේ

පණට පණ දී මා දිවිකතරේ

නොයමි රහසේ රකිමි පණසේ

නිහඬ ගමනේ මේතරම් දුර

ඇවිද අපි එක වාගේ

මිහිරි මතකේ සැරිසරා ඔබ

නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ

රැඳෙනු මාගේ සුවඳ වාගේ

බඹර නාදේ ඇසෙන මානේ

රැඳෙනු මාගේ සුවඳ වාගේ

.

..

Еще от Bachi Susan/Shanika Madumali

Смотреть всеlogo