menu-iconlogo
huatong
huatong
avatar

Kumudu Liye Sada Eliye Nahawena

Chamara Weerasinghehuatong
mikebest18huatong
Тексты
Записи
කුමුදු ලියේ සඳ එලියේ නැහැවෙනා

මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා

නිල් දෙනෙතින් මට රහසින් පවසනා

ආදරේද ඔබ මාගෙන් සඟවනා

ආදරේද ඔබ මාගෙන් සඟවනා

ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ

ගෙල වටකර දිදුලනවා මුතු මාලේ

සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ

කෙහෙරැල්ලක් රඟ දෙනවා මඳ පවනේ

කෙහෙරැල්ලක් රඟ දෙනවා මඳ පවනේ

කුමුදු ලියේ සඳ එලියේ නැහැවෙනා

මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා

නිල් දෙනෙතින් මට රහසින් පවසනා

ආදරේද ඔබ මාගෙන් සඟවනා

ආදරේද ඔබ මාගෙන් සඟවනා

නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ

අවිහින්සක සිත රැඳුනයි සිනා පොදේ

පාලු අදුර මකා දමා රන් තරුවේ

පායා එන්න හද මැදුරට ඔබ මාගේ

පායා එන්න හද මැදුරට ඔබ මාගේ

කුමුදු ලියේ සද එලියේ නැහැවෙනා

මල් ලදුනේ ඔබේ ඇසුර සුව දෙනා

නිල් දෙනෙතින් මට රහසින් පවසනා

ආදරේද ඔබ මාගෙන් සගවනා

ආදරේද ඔබ මාගෙන් සගවනා

ආදරේද ඔබ මාගෙන් සගවනා

Еще от Chamara Weerasinghe

Смотреть всеlogo