ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නිඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමී..
කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමෙන්
සොඳුරු වැස්සට දැවෙන කතරක්
ආදරෙයි පන මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්.
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි..
සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පිදුම වෙයි නුඹනම්..
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නිඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමී..