menu-iconlogo
huatong
huatong
avatar

Manikak Rakina - Leoni (BOK)

Mohideen Beg/G.S.B.Rani Perera - Leoni (BOK)huatong
peadog1huatong
Тексты
Записи
ගීතය ඉදිරිපත් කිරීම හා උඩුගත කිරීම - ලියෝනි ( BOK )

2022 මැයි 16

Introduction

(M) මැණිකක් රකිනා.. නා.. රජිදෙකු සේ

මම ඔබ නිරතුරු රකිමී..

මොහොතක් පාසා.. නිල්මිණි කියනා

නාමය මතුරා කියමී..

(F) සෙවනැල්ලක් මෙනි හසරැල්ලක් දැක

සැනසෙන්නට මා ආ..වේ..

හද පුදසුන මත පූජා වේවා

අද ඔබ හට මගෙ ජීවේ

Interlude

(M) ජීවන ගමනට ලෝකේ

ඔබ වේවා මට ආලෝකේ

ජීවන ගමනට ලෝකේ

ඔබ වේවා මට ආලෝකේ

(F) මේ චන්ඩාලී ඔබෙ සහකාරී

වේවා පැතුම ලෙසේ

කියාවී .. ගලනා ගඟුල ලෙසේ

කියාවී .. ගලනා ගඟුල ලෙසේ

(M) මැණිකක් රකිනා.. නා.. රජිදෙකු සේ

මම ඔබ නිරතුරු රකිමී..

මොහොතක් පාසා.. නිල්මිණි කියනා

නාමය මතුරා කියමී..

Interlude

(M) බැඳගත් අත්වැල දෙන්නා...

දිය හා රළ ලෙස පවතින්නා..

බැඳගත් අත්වැල දෙන්නා...

දිය හා රළ ලෙස පවතින්නා..

(F) පෙර සංසාරේ ගති හුරු පුරුදූ

මේ බවයේද මෙසේ

බැඳේවා ..අමතක නොවන ලෙසේ

බැඳේවා .. අමතක නොවන ලෙසේ

(M) මැණිකක් රකිනා.. නා.. රජිදෙකු සේ

මම ඔබ නිරතුරු රකිමී..

මොහොතක් පාසා.. නිල්මිණි කියනා

නාමය මතුරා කියමී..

(F) සෙවනැල්ලක් මෙනි හසරැල්ලක් දැක

සැනසෙන්නට මා ආ..වේ..

හද පුදසුන මත පූජා වේවා..

අද ඔබ හට මගෙ ජීවේ..

Еще от Mohideen Beg/G.S.B.Rani Perera - Leoni (BOK)

Смотреть всеlogo