menu-iconlogo
huatong
huatong
rukmani-devi-malbara-himidiriye-cover-image

Malbara Himidiriye

Rukmani Devihuatong
Загружено prettyjoan
මල්බර හිමිදිරියේ

කොයිබද සමනලියේ

යන්නේ හිරු එළියේ

කියන්න සියුමැලියේ

සීතල මද පවනේ

මම මල් ගොමු වෙත යන්නේ

මා සොයමින් එන්නේ

මගෙ පෙම්වත හමුවන්නේ

මී මැසි බඹරුන් පරදා හැර මම

ඔබ වෙතටම දුවමී

ලා හිරු රැස් වැද

බබලන ඔබෙ තටු දෙක මම සිප ගනිමි

රන් තරු මුසු මල් කිරුළක් සාදා

ඔබේ හිසේ තබමි

රන් විමනක මැද ඔබ වෙනුවෙන්

පෙම් රජ දහනක් මවමි

මල්බර හිමිදිරියේ

කොයිබද සමනලියේ

යන්නේ හිරු එළියේ

කියන්න සියුමැලියේ

සීතල මදපවනේ

මම මල් ගොමු වෙත යන්නේ

මා සොයමින් එන්නේ

මගෙ පෙම්වත හමුවන්නේ

මල් පෙති අග රැඳි පිණි බිඳු එක් කොට

ඔබෙ මුව පිරිමදිමි

මල්වල රොන් ගෙන

එම හා මුසු කොට රස කර එය පොවමි

මල් අතරින් මම හොඳම මලක් ගෙන

ඔබ වෙත එය පුදමි

ඒ සැමටම වැඩියෙන් අගනා මගෙ හදවත ඔබට දෙමි

සිරිබර හිමිදිරියේ

ආසිරි පැතිරෙන්නේ

මල් පෙති විසිරෙන්නේ

ගී හඬ මුසු වෙන්නේ

කොවුලන් නද දෙන්නේ

පොඩි කුරුලන් නද දෙන්නේ

අප දෙස බලමින්නේ

උන් සැමදෙන හිනැහෙන්නේ

Записи

Тебе Может Понравиться

Ещёlogo

Похожие плейлисты

Ещёlogo