(පිරිමි )දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
නදී නිම්නයේ රුවක් ඉන්නවා
ඒ රූප නාරී හිදී නෙත් හැරන්
(ගැහැණු )රුවිනාර සෙනෙහේ හැගුම් මත්වෙමින්
(පිරිමි )මට තාම සීතයි මගේ රත්තරන්...
ල ලා ලා ලා ලා ලා
හ්ම් හ්ම් හ්ම්
(ගැහැණු )ගස වට කරලා මේ මල් පිපුණා
අතු ඉති සැදුණා හැම දවසේ
(පිරිමි )ඇයි අද වාගේ පෙර කවදා හෝ
විසිතුරු නැත්තේ මේ පියසේ...
(ගැහැණු )ලිහිණි කුරුල්ලෝ අදයි ගෙනාවේ
පෙම් කව ලියැවුණු පොත අපගේ
(පිරිමි )සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ
(ගැහැණු )මෙවන් නිල් වළා සෙමින් ළං වෙලා
රටාවන් අදී වළා මණ්ඩලේ
කවුරුන්ද ඇදුණේ එවන් රූ තුළින්
(පිරිමි )ඒ මාද නැහැනේ ඔබයි ඒ ළදුන්
මට තාම සීතයි මගේ රත්තරන්...
(පිරිමි )පද්ම කුමාරි පද්ම වනේහි
මේ ලස්සන පෙර නෑ දුටුවේ
(ගැහැණු )මිටියාවතෙහි දිය රැළි අතරින්
අප මේ ලෙස පෙර නෑ බැලුවේ...
(පිරිමි )ඇගිලි අගින් හෝ වදින පවන්හි
ඉන්න එපා ඔබ මට නොදැනී
(ගැහැණු )සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ
(පිරිමි )දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
නදී නිම්නයේ රුවක් ඉන්නවා
ඒ රූප නාරී හිදී නෙත් හැරන්
(ගැහැණු )රුවිනාර සෙනෙහේ හැගුම් මත්වෙමින්
(පිරිමි )මට තාම සීතයි මගේ රත්තරන්...