සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනි වේ අඳුරේ
සුසුමේ වෙළිලා
වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා
වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා ...
සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
සැඟ වී ඈත මේ හිම යායේ
ඔහේ පාවෙලා
සැඟ වී ඈත මේ හිම යායේ
ඔහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා
සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා