දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා 
දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා 
දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා 
ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා 
 RUWAN MANU  
මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා 
ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා 
පුර සද සේ මුව මඩලින් සෙනෙහස දුන් ගංගා 
හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා 
දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා 
දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා 
 RUWAN MANU  
ඊයේ රෑ මා සිහිනෙන් දුටුවේ ඔබයි ගංගා 
මා හැරදා අළුයම ඔබ වෙන්ව ගියා ගංගා 
මේ අයුරින් හැම දිනකම සිත සනහා ගංගා 
වෙන්ව නොයා ජිවිතයේ අරුණ වෙන්න ගංගා 
දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා 
දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා 
දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා 
ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා