menu-iconlogo
huatong
huatong
เนื้อเพลง
บันทึก
හිරු මල් කිනිත්තක් දරා

සිහිලැල් පියාපත් සලා

සුළඟින් හොරෙන් මග අසා

එන්නම් සැනින් ඔබ සොයා

මතකෙන් ඉඩක් ඉල්ලලා

තුරුලෙන් ලැගුම් ගෙන එදා

හසරැල් ලොවක් හිත මවා

හෙට මා ඔයාගේ වෙනවා

හෙට මා ඔයාගේ වෙනවා

සන් සනන නන සනන නන

සනන නන සනන නන සනන නන

සනන නන සනන නන නනා නා

සුපෙම් භාවනාවක් වාගේ

මගේ දෙස බලා

කියා දෙන්න ඔබගේ සෙනෙහස

කොතෙක් දැයි කියා

අහංකාර මාගේ හිත දැන්

ඔබේ ළඟ තමා

නොදන්නවා වාගේ ඈතින්

තවත් ඉන්නෙපා

හිතේ මැවුන ප්රේම කවියේ

හිඩැස් තැන් මකා

හිදින්නට හිතයි සුවසේ

තුරුල් වී සදා

රැයේ දුටුව හීන රහසේ

හැබෑ වී මෙදා

පුරුද්දද්ද මේ දිවියේ

මටත් නොහැගුනා

පහන් තරුකාවක් වාගේ

හදේ පායලා

ගිලන් පෙම් පැතුම් හිත පතුලේ

කොහේටද වෙලා

නෙතින් වැටුණු කදුලැල් ඔබගේ

අතින් පිස දමා

සිනාසෙන්න ආසයි හැම කල්

ඔබේ ලොව පුරා

පහන් ටැබ වෙලා දිවි ගමනේ

නවාතැන් සොයා

රැදෙන්නට හිතයි සෙවනේ

සුසුම් හැර දමා

ඔබෙන් ලැබුණ ආදරේ නම්

අනන්තෙට එහා

පුරුද්දද්ද මේ දිවියේ

මටත් නොහැගුනා

හිරු මල් කිනිත්තක් දරා

සිහිලැල් පියාපත් සලා

සුළඟින් හොරෙන් මග අසා

එන්නම් සැනින් ඔබ සොයා

මතකෙන් ඉඩක් ඉල්ලලා

තුරුලෙන් ලැගුම් ගෙන එදා

හසරැල් ලොවක් හිත මවා

හෙට මා ඔයාගේ වෙනවා

හෙට මා ඔයාගේ වෙනවා

เพิ่มเติมจาก Ruwan Hettiarachchi/Umaria

ดูทั้งหมดlogo