හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්... 
පෙම්බර මධු මගේ 
මා නැතේ ඔබෙන් මිදුනේ 
සුරූපී දේහ විලාසේ 
මැවේ මැවේ නයනේ 
පෙම්බර මධු මගේ 
පෙම්බර මධු මගේ 
Music 
ලොවෙහි ඈත අනන්තේ 
පැලක් තුලේ නොපෙනී 
ඇතත් හොරෙන් හැන්ගීලා 
මගේ දුකත් නොදනී 
අරන් එමී ඔබ කැන්දා 
ඇසිල්ලකින් පැමිණී 
සුරූපී දේහ විලාසේ 
මැවේ මැවේ නයනේ 
පෙම්බර මධු මගේ 
පෙම්බර මධු මගේ 
Music 
වඩාල දෝත පුරාලා 
පරවී කුමාරිය සේ 
සුගන්ධ මල් යහනාවේ 
හොවා පෙමින් සිතුසේ 
පවන් සලා ඔබ සනසම් 
ලදැල්ලකින් සුවසේ 
සුරූපී දේහ විලාසේ 
මැවේ මැවේ නයනේ 
පෙම්බර මධු මගේ 
පෙම්බර මධු මගේ 
Music 
අපේම පාලු විමානේ 
නිසංසලේ සහනේ 
අමා පැනින් මත්වීලා 
ඔබේ දෙතොල් බඳුනේ 
විදින්නේමී රස මදිරා 
පෙරුම් පිරූ ලෙසිනේ 
සුරූපී දේහ විලාසේ 
මැවේ මැවේ නයනේ 
පෙම්බර මධු මගේ 
පෙම්බර මධු මගේ 
AKsumanasiri