♫♫Uploaded by C. Ravimini(happyuacr)♫♫
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
♪♪♪…. Interlude…… ♪♪♪
පාන හිනාවට කීරි ගැහෙන හිත
තහංචි වැට ළඟ වැළපෙන්නේ
හීන කුලේ මම කොහොමදැ දෙයියො
ඔය ලෙන්ගතුකම ඉවසන්නේ
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
♪♪♪…. Interlude…… ♪♪♪
කරකවනා තද තැටිය උරුම වුන (ෂලලලෂා, ෂලලලෂා)
ගාඩි රැහේ මායිම පැනලා (ෂලලලෂා, ෂලලලෂා, ෂා)
කවදා කොතැනක පෑහෙයි දෝ අප
තහංචි වැටකොටු බිඳවැටිලා
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කතා නොකියන්ඩ හොඳා
ගාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්ඩ හොඳා
♫♫Uploaded by C. Ravimini(happyuacr)♫♫