නොලියමී අසුන්දරකම්
ඉතින් මතකෙන් වියැකුනා වේ
හිමි නැතී පෙමින් තව නම්
නොවෙම් මා තොර සොඳුර මාගේ
හීනයක්, හීනයක්
දෑස අභියස මා ලග දැන්
හීනයක්, හීනයක්
මවනු නොහැකිව මා
අහම්භය වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී
මුවපුරා හරි ආදරෙන්
ආදරෙන් ඔබ කී වදන්
නෑසුනා තරමින් දුරින්
මා හිදින්නේ ඈතකින්
අහම්භය වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී
හා...
හා...
රෑ පුරා දැවෙනා සුසුම්
සෝසුසුම් අළුවී ගිහින්
ඔබ ගෙනා උණුසුම් හැගුම්
හීතලින් වියැකී ගිහින්
අහම්භය වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී