menu-iconlogo
huatong
huatong
avatar

Thumula Namunukula

Saman Jayanath Jinadasahuatong
ROHANR🇱🇰huatong
Şarkı Sözleri
Kayıtlar
Thumula Namunukula

Artist: Saman Jayanath Jinadasa

Lyrics: Sudath Gamini Bandara

Music: Ananda Perera

for Duet (1)/(2)

from "පවන" Family

****(Music)****

(1)තුමුල නමුණුකුල ගිරි හිස

උදුල සඳ මඩල දුටු නෙත

රැවටුණා තමයි

කිම ද මේ තරම් ඒ ගැන

හිනැහෙන්නට කාරණා

මුහුණ රතු වෙලා දෙනෙතින්

කදුළු පනින තුරු එළියට

ඔහොම හිනාවෙනකොට උඹ

ලස්සනයි උමා.....

****(Music)****

(2)නුඹේ වත මඬල සඟවා

මුවා වෙන ලෙසින් අතුරන

සීත පිණි නිසා තිලකය

පාළුවෙයි උමා

සීත මීදුමේ තිරපට

වළලූ ලූ අතින් ඉවතට

ඈත්කර හොරෙන් හෙමිහිට

බලාපන් උමා.....

(2)තුමුල නමුණුකුල ගිරි හිස

උදුල සඳ මඩල දුටු නෙත

රැවටුණා තමයි

කිම ද මේ තරම් ඒ ගැන

හිනැහෙන්නට කාරණා

මුහුණ රතු වෙලා දෙනෙතින්

කදුළු පනින තුරු එළියට

ඔහොම හිනාවෙනකොට උඹ

ලස්සනයි උමා.....

****(Music)****

(1)කන්ද උඩ රුවින් දිදුලන

කන්ද කදිර දේවාලය

අපට පිහිට වෙයි කියලා

හිතෙනවද උමා

අප වටා නැගෙන උවදුරු

ඈත්වී නොබෝ කලකින්

පිච්ච මල් සුවඳ විතරක්

ඉතිරි වෙද උමා.....

(1)තුමුල නමුණුකුල ගිරි හිස

උදුල සඳ මඩල දුටු නෙත

රැවටුණා තමයි

කිම ද මේ තරම් ඒ ගැන

හිනැහෙන්නට කාරණා

මුහුණ රතු වෙලා දෙනෙතින්

කදුළු පනින තුරු එළියට

ඔහොම හිනාවෙනකොට උඹ

ලස්සනයි උමා.....

ඔහොම හිනාවෙනකොට උඹ

ලස්සනයි උමා.....

ඔහොම හිනාවෙනකොට උඹ

ලස්සනයි උමා.....

Saman Jayanath Jinadasa'dan Daha Fazlası

Tümünü Görlogo