කොතෑනක සිටියත් ඔබ මෙලොවේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
ඔබේ සිතට සැනසුම ගෙනදී 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
රැකගෙන මංගල මුදුව අතේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
කොතෑනක සිටියත් ඔබ මෙලොවේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
music 
හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා 
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා 
හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා 
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා 
සිහිකෙරුවත් පසුගිය දේ සිතලා 
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ 
කොතෑනක සිටියත් ඔබ මෙලොවේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
music 
ඔබ එනතුරු මම තනියෙන් සිටියා 
ඔබ වෙන කිසිවකු සමගින් ආවා 
ඔබ එනතුරු මම තනියෙන් සිටියා 
ඔබ වෙන කිසිවකු සමගින් ආවා 
ඔහු දිවි රැකුමට මට වෙර ලැබුණා 
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ 
කොතෑනක සිටියත් ඔබ මෙලොවේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
music 
දැල්වු පහන දැල්වෙන්නට හැරලා 
අදුරු නිවස ආලෝකය කරලා 
දැල්වු පහන දැල්වෙන්නට හැරලා 
අදුරු නිවස ආලෝකය කරලා 
ඔබෙ පෙම්බර සැමියගෙ පන රැකලා 
ගුණවන්තිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ 
කොතැනක සිටියත් ඔබ මෙලොවේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
කොතැනක සිටියත් ඔබ මෙලොවේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
රැකගෙන මංගල මුදුව අතේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ 
කොතැනක සිටියත් ඔබ මෙලොවේ 
දිගුකල් ජීවත් වෙන්නකෝ