ප්‍රථම ස්වනිර්මාණ වෑයම
Lyrics > Sanju
Music > JackBro
<<< Thushaara >>>
<<<<<<+>>>>>>
ඉඟි නිලි තරු ඇස් මල් ඔන්චිල්ලේ
පෙම් හිරිකඩ වැස්සේ
සිරි සිරි පොද යට නැවතෙමු මොහොතක්
හිම කඳුවැටි යහනේ
මුහුදු හතක් දුර ඈත හිමව්වේ
ඩැෆඩිල් මල් සුවඳේ
කෙහෙරැළි පිස එන නල මුදු රැල්ලේ
අපෙ හැඟුමන් සසැලේ
අපෙ හැඟුමන් සසැලේ
F) රෑ සඳ සළුවෙන්
එති එති දඟ කල
පොපියන මුව මඬලේ
සප්ත ස්වරයේ සැඟවෙමු තත් බිඳ
ගිණියම් වැලි කතරේ...
M/F) සප්ත ස්වරයේ සැඟවෙමු තත් බිඳ
ගිණියම් වැලි කතරේ
F) ඉඟි නිලි තරු ඇස් මල් ඔන්චිල්ලේ
පෙම් හිරිකඩ වැස්සේ
සිරි සිරි පොද යට නැවතෙමු මොහොතක්
M) හිම කඳුවැටි යහනේ...
මුහුදු හතක් දුර ඈත හිමව්වේ
ඩැෆඩිල් මල් සුවඳේ...
කෙහෙරැළි පිස එන නල මුදු රැල්ලේ
M/F) අපෙ හැඟුමන් සසැලේ
අපෙ හැඟුමන් සසැලේ
M) රහසින් සඟවන්
ඇඳි රූ සිත්තම්
මා සිත් රජදහනේ
නුඹ රැගෙන යමි සදා නිදන් කොට
හදවත් සිත් ගැඹරේ...
නුඹ රැගෙන යමි සදා නිදන් කොට
හදවත් සිත් ගැඹරේ...
F) ඉඟි නිලි තරු ඇස් මල් ඔන්චිල්ලේ
පෙම් හිරිකඩ වැස්සේ
සිරි සිරි පොද යට නැවතෙමු මොහොතක්
M) හිම කඳුවැටි යහනේ
මුහුදු හතක් දුර ඈත හිමව්වේ
ඩැෆඩිල් මල් සුවඳේ
කෙහෙරැළි පිස එන නල මුදු රැල්ලේ
M/F) අපෙ හැඟුමන් සසැලේ
අපෙ හැඟුමන් සසැලේ