menu-iconlogo
huatong
huatong
avatar

MALWARAM GAYAMIN -මල්වාරම් ගයමින් COVER

Raini Charukahuatong
⚔️ʟᴇɢᴇɴᴅꜱ™🔰☆𝗣𝗥𝗔𝗩𝗜☆⚔️huatong
بول
ریکارڈنگز
MAL WARAM GAYAMIN

( By : Raini Charuka )

Karaoke Arrangement By

Praveen Alankara ( Legends_Pravi)

…………………………………

මල්වාරම් ගයමින්, හිත නිවමින්,

මදහාස නගමින්

ආගන්තුක සෙනෙහෙන්, නෙතු සලමින්,

බොරු හේතු කියමින්

ආසයි පෙර වාගේ, ඔය තුරුලේ,

නැලවෙන්න රහසේ

දෑසින් ළංවුයේ, ඇයි මෙතරම්,

වෙන්වෙන්න නම්.

නිදි නැති රැය බොඳ වීලා

උණු කඳුළක නෙතු සතපාලා

ආදරවන්තිය හඬවා,

දුර ගිහින් හිත පාරලා

මුළු හද ගිනිගෙන පුපුරාලා

මට බය හෙට පායන හිරු නිසා

හිනැහෙන මතකේ දල්වාලා

සිහිනයෙන් වෙන්වෙලා….

………………………………….

>>>MUSIC<<<

………………………………….

මුදු හසරැලි ශීත යායේ

මුතු කුඩ යට උන්නු කාලේ

කිසිදා හැර යන්නේ නෑ කීවේ ඔබමද සංසාරේ

හිස මත ඔය අත තියා මා සනසලා දිවුරාලා හිමිහිට

කීදේ අද බොඳ වෙලා, මා තනිවෙලා සුසුම් වෙතින්

………………………………….

>>>MUSIC<<<

………………………………….

සායම්කළ දෑස මානේ

මායම් නැති හීන ගානේ

බෝසත් හිමිකම පාවීලා යන්නේ කොහේදෝ සඳ යාමේ

හිත රස ඇති තැන් සොයා,

එය උදුරලා….. පියඹා දුරකට

සමනල පෙති අග ලියු.. සංවේදනා

ඔබේ නමින්………..

නිදි නැති රැය බොඳ වීලා

උණු කඳුළක නෙතු සතපාලා

ආදරවන්තිය හඬවා,

දුර ගිහින් හිත පාරලා

මුළු හද ගිනිගෙන පුපුරාලා

මට බය හෙට පායන හිරු නිසා

හිනැහෙන මතකේ දල්වාලා

සිහිනයෙන් වෙන්වෙලා….

>>>>…..END….<<<<

Raini Charuka کے مزید گانے

تمام دیکھیںlogo