පුරාතණිකම කතාවල
පඬි රට ගිණිබත් කරන
එතැන් සිට දිග හැරි දනනුනි
පතිනි ස්නේහ වරුණ
කොතෙක් උත්සහ කළත්
සිහිවටන නොවෙයි පරණ
කම්කටොළු දුක් ගැහැට තිබුණේ
බන්දනේමයි සරණ
ශපථ කරගත් කතා ඇතිමුත්
බින්ද දා හිමි මෙවුන්
ශෝකාන්තය ගැබ් ගනී
සිත හුදෙකලා නොව නිවුන්
අවඤ්ඤාවෙන් සිනාසෙද්දී
ඇස ගැටෙනා එවුන්
මෙහෙවූ ගින්දර උහුලාන සිත
වඩනු කෙලෙසද බවුන්
කටින් කට ආ යවුල් මෙන් බස්
බොහෝ උදවිය පැවසූ
හුඟක් මල් සිප ගෙට වඩින
හිමිසඳුනි ප්රේමය කෙලෙසූ
ඇස් බොර වුණු නොදී ඇසිපිය
හිසෙහි අතැඟිලි ගැවසූ
තවත් සත් පත්තිනිලා ඇති ළොව
ස්වාමි භක්තිය ඉවසූ