සැමදා එක විලසේ නැත කැලබි සාගරේ
විදිනා දුක සැප සේ විද ගනිමූ ජිවිතේ
රජිදා දුගියෙකු වී අත පා හැක මාවතේ
සිටිනා තුරු මෙලොවේ දිය යුතුමයි ආදරේ
තුටිනා තොලගා රස විදිමු ජීවිතේ
කරදර බාදක අමතක කර මේ ලෙසේ
තුටිනා තොලගා රස විදිමු මීවිතේ
කරදර බාදක අමතක කර මේ ලෙසේ
යං යං යං විද විද යං
මල්වන් මල් ජිවිතේ මල්
ලං ලං ලං ලං අපි වෙමු ලං
දිවි ඇති කල් ආදරේ ලල්
කිසිදා නැත සැලුනේ මහමෙර සේ මාරුතයේ
ගලනා ගග ගැලුවේ හිතුමතයේ ලෝතලයේ
ඇතිදා දිය යුතු වේ ලොබ නොම වී කාසියේ
හදුනා ගත යුතුවේ ළඟ ඇති උන් වාසියේ
තුටිනා තොල ගා රස විදිමූ ජීවිතේ
කරදර බාදක අමතක කර මේ ලෙසේ
තුටිනා තොල ගා රස විදිමූ මිවිතේ
කරදර බාදක අමතක කර මේ ලෙසේ
යං යං යං විද විද යං
මල්වන් මල් ජිවිතේ මල්
ලං ලං ලං ලං අපි වෙමු ලං
දිවි ඇති කල් ආදරේ ලල්
යං යං යං විද විද යං
මල්වන් මල් ජිවිතේ මල්