menu-iconlogo
huatong
huatong
avatar

nonstop

H R Jothipalahuatong
nice20lovehuatong
Lời Bài Hát
Bản Ghi
ගංගාවයි මහා මුහුදයි හා වේනම් එක්වෙලා

ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා

ගංගාවයි මහා මුහුදයි හා වේනම් එක්වෙලා

ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා

ඈත දියඹේ නැගෙන රැල්ල

මෑත බලාගෙන ඇවිල්ලා

සුසුදු රැල්ල සිඹ සිඹ යනවා

ඒ වගේම දුර ගෙවාලා

පවුරු උඩින් පියාඹාලා

ඔබේ ලොවට මා පැමිණෙනවා

කවුළුදොරින් නෙතු හෙල හෙලා

මග බල බල ඉන්නවා

පිළිඅරගෙන දෑත පාලා සනසන බව දන්නවා

ගංගාවයි මහා මුහුදයි හා වේනම් එක්වෙලා

ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා

ගංගාවයි මහා මුහුදයි හා වේනම් එක්වෙලා

ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා

සමන් පිච්ච මල් පිපිච්ච

මිදුල පුරා පැල හැදිච්ච

දිළිඳු ඔබේ පුංචි පැල්පතේ

රනින් බඳුන් රිදී හසුන්

කටට දිවට මිහිරි බොජුන්

කිසිවක් මට උවමනා නැතේ

සවන් දෙන්න ලඟින් ඉන්න

සිනාසෙන්න කටපුරා

ඊට පස්සේ විදී අපට

මල් දුන්නෙන් මල් සරා

ගංගාවයි මහා මුහුදයි හා වේනම් එක්වෙලා

ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා

ගංගාවයි මහා මුහුදයි හා වේනම් එක්වෙලා

ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා

ඔන්චිලි චිලි චිල්ල මලේයා..

වැල්ල දිගට නෙල්ලි කැලේයා..

ඔන්චිලි චිලි චිල්ල මලේයා..

වැල්ල දිගට නෙල්ලි කැලේයා..

ඔන්චිලි චිලි චිල්ල මලේයා..

වැල්ල දිගට නෙල්ලි කැලේයා..

ඔන්චිලි චිලි චිල්ල මලේයා..

වැල්ල දිගට නෙල්ලි කැලේයා..

මලක් වගේ ඔබ තියලා රන් ඔන්චිල්ලේ

රුකුල් දෙමින් පදින්න කෝ මා සියුමැල්ලේ

වටින් පිටින් සිහිල් සුළං තමයි ඇදෙන්නේ

ඔබේයි මගේයි කතන‍්දරේ තමා කියන්නේ

කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී

කැඳැල්ලෙයි නොයයි එහෙ මෙහෙ ඉගිල්ලී

මගේ කිරිල්ලී මගේ කිරිල්ලී

මගේ කිරිල්ලී මගේ කිරිල්ලී

ඔන්චිලි චිලි චිල්ල මලේයා..

වැල්ල දිගට නෙල්ලි කැලේයා..

ඔන්චිලි චිලි චිල්ල මලේයා..

වැල්ල දිගට නෙල්ලි කැලේයා..

වළාකුළු වගේ දුහුල් සළු කොහෙන්දෝ

රුවන් රිදී මිණිමුතු කොහෙන් ගෙනෙම්දෝ

කසුන් විමන් පුළුල් යහන් කොහෙන් සොයම්දෝ

නමුත් මගේ කුමාරි මා සතු නොවේදෝ

කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී

කැඳැල්ලෙයි නොයයි එහෙ මෙහෙ ඉගිල්ලී

මගේ කිරිල්ලී මගේ කිරිල්ලී

මගේ කිරිල්ලී මගේ කිරිල්ලී

ඔන්චිලි චිලි චිල්ල මලේයා..

වැල්ල දිගට නෙල්ලි කැලේයා..

ඔන්චිලි චිලි චිල්ල මලේයා..

වැල්ල දිගට නෙල්ලි කැලේයා..

ඔන්චිලි චිලි චිල්ල මලේයා..

වැල්ල දිගට නෙල්ලි කැලේයා..

ඔන්චිලි චිලි චිල්ල මලේයා..

වැල්ල දිගට නෙල්ලි කැලේයා..

වලව්වේ හාමුට කියනවා මං

පුංචිහාමි මගේ මනමාලී

වලව්වේ හාමුට කියනවා මං

පුංචිහාමි මගේ මනමාලී

පුල්ලි ගොනා බැඳි බරබාගේ

මම ගෙදරට කැන්දන් එමි

පුල්ලි ගොනා බැඳි බරබාගේ

මම ගෙදරට කැන්දන් එමි

මම එහෙම එනකොට පාර දිගේ

මගේ යාළුවො එකතු වෙලා

මම එහෙම එනකොට පාර දිගේ

මගේ යාළුවො එකතු වෙලා

මල් දාලා වෙඩි ගහලා

පිළිගත්තා ඔයා මගේ

මාස්ටර් ඔයා කියලා

මම ගන්නෙමි කරකාර බන්දාලා

පුංචි හාමිනේ වලව්වෙන් දැන්

මම ඉන්නෙමී මහරාජා වාගේ

මේ ගමේ කාටත් උදව් කරමින්

ඉස්සර මං වගේ උදවියටයි

රජ කුමරියෝ ආලය කලේ

ඉස්සර මං වගේ උදවියටයි

රජ කුමරියෝ ආලය කලේ

දැන් කාලේ ඒවාගේ බැරි ඇයිදෝ

මට යතුරත් දීලයි ගියේ

දැන් කාලේ ඒවාගේ බැරි ඇයිදෝ

මට යතුරත් දීලයි ගියේ

මගේ යාළුවො ඔක්කොම

මනමාලි එක්කළා නග්ගලා බරබාගේ

මගේ යාළුවො ඔක්කොම

මනමාලියෙක් කළා නග්ගලා බරබාගේ

මම එන්නම් මම කැන්දම් මගේ

මාස්ටර් බලන්නට රජ පෙරහැර වාගේ

මම ගන්නෙමි කරකාර බන්දාලා

පුංචි හාමිනේ වලව්වෙන් දැන්

මම ඉන්නෙමී මහරාජා වාගේ

මේ ගමේ කාටත් උදව් කරමින්

මම ගන්නෙමි කරකාර බන්දාලා

පුංචි හාමිනේ වලව්වෙන් දැන්

මම ඉන්නෙමී මහරාජා වාගේ

මේ ගමේ කාටත් උදව් කරමින්

Nhiều Hơn Từ H R Jothipala

Xem tất cảlogo
nonstop của H R Jothipala - Lời bài hát & Các bản Cover