ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා
ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් සිර කලා
ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් පෙම් කලා
නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිරවෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා
ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් සිර කලා
ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් පෙම් කලා
කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පලඳා හැඩ බලා
මා වින්ද සතුටේ නිම් සොයා
ඔබ යන්න සුළඟේ අප දමා
ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් සිර කලා
ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් පෙම් කලා