menu-iconlogo
huatong
huatong
avatar

Sihina Gange Pihina Pihina සිහින ගඟෙහි පිහිනා

Mohideen Beg/Mallika Kahawitahuatong
portiacarhuatong
Lời Bài Hát
Bản Ghi
Part 01 Male

Part 02 Female

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

සිහින ගඟෙහි පිහිනා පිහිනා

කිමිඳී රිදී දියේ

සිනිඳු ළවැලි අතරේ...

සෙව්ව මැණික ඔබ ප්‍රියේ...

සඳුගෙ සිසිල පානා පානා

කරුණා දයා ගුණේ..

ගිමන නිවන ගමනේ...

සුවැති සෙවණ හමු වුණේ...

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

සුසුමේ කඳුළේ වදනේ බැල්මේ

තුසිතේ සැපත දැනේ

එලොවයි මෙලොවයි දෙලොව ම එක් වී

දෙනෙතේ නිතර පෙනේ

මහදේ ගලනා.. සෙනෙහේ ගඟුලේ..

මහදේ ගලනා .. සෙනෙහේ ගඟුලේ..

පෙම් රළ වැල කැලතෙයි..

ඔබගේ ළයෙහී රිද්මේ දැනිලා

රන් හසඟන රඟතෙයි...

සිහින ගඟෙහි පිහිනා පිහිනා

කිමිඳී රිදී දියේ

සිනිඳු ළවැලි අතරේ...

සෙව්ව මැණික ඔබ ප්‍රියේ...

සඳුගෙ සිසිල පානා පානා

කරුණා දයා ගුණේ..

ගිමන නිවන ගමනේ

සුවැති සෙවණ හමු වුණේ...

Lyrics NUWAN 10 01

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

මෝහන ජීවන වීණාවේ නිති

සත්සර නැඟුණා වේ..

ඒ රසකාමය මා සතු ලෝකය

සිත් ලෙස පිරුණා වේ...

අඳුරේ එළියේ.. සැපතේ විපතේ..

අඳුරේ එළියේ.. සැපතේ විපතේ..

දිගට ම එක එල්ලේ...

පිය මැන එක ලෙස එක මඟෙහි ම එමි

පණ ලෙස සෙවණැල්ලේ...

සිහින ගඟෙහි පිහිනා පිහිනා

කිමිඳී රිදී දියේ

සිනිඳු ළවැලි අතරේ...

සෙව්ව මැණික ඔබ ප්‍රියේ...

සඳුගෙ සිසිල පානා පානා

කරුණා දයා ගුණේ..

ගිමන නිවන ගමනේ..

සුවැති සෙවණ හමු වුණේ...

ලලල් ලල් ලලලල ලාලාලා..

ලලල් ලල් ලලලල ලාලාලා..

ලලලලල ලලලල ලලලා....

ලලලලල ලලලල ලලලා....

ලලල් ලල් ලලලල ලාලාලා..

ලලල් ලල් ලලලල ලාලාලා..

ලලලලල ලලලල ලලලා....

ලලලලල ලලලල ලලලා....

Song Sushan

Photography Melbourne

Nhiều Hơn Từ Mohideen Beg/Mallika Kahawita

Xem tất cảlogo