menu-iconlogo
huatong
huatong
Lời Bài Hát
Bản Ghi
දෑත දරා ඇවිදින් ආදරයෙන්

මා වෙනුවෙන් හිඳිනා අයුරු

මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල

සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු

සේද වලා අතුරාලා සඳ පායා

ඇති රෑ තුරුලේ ගෙවමු

මා පැතු ඒ යුග නෙත් ආදර හිත්

ආදරයෙන් හමුවීමයි හිමි වූ

මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී

තව ළං වී පෙමින් දම් ගොතමි

ගිම්හානේ තුහීන ගේනා

ඔබෙන් මා නිවෙමි සදා කල් හිඳිමි

තරු යායේ පුරා හඳ මාගේ

වලාවකින් මාගේ ආලේ ලියමි

සේද වලා අතුරාලා සඳ පායා

ඇති රෑ තුරුලේ ගෙවමු

මා පැතු ඒ යුග නෙත් ආදර හිත්

ආදරයෙන් හමුවීමයි හිමි වූ

දෑත දරා ඇවිදින් ආදරයෙන්

මා වෙනුවෙන් හිඳිනා අයුරු

මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල

සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු

Nhiều Hơn Từ Naadhagama/Ridma weerawardena/Supun perera/Dhanith Sri

Xem tất cảlogo
Datha Dara của Naadhagama/Ridma weerawardena/Supun perera/Dhanith Sri - Lời bài hát & Các bản Cover