menu-iconlogo
huatong
huatong
avatar

awase e dura giya

Ruwan Hettiarachchihuatong
seanpbakerhuatong
Lời Bài Hát
Bản Ghi
ගීතයෙහි ගී පද සැකසීම සහ අප්ලෝඩ් කිරීම රැඩිකල් ආරාමයේ HΛЯSHΛЛΛ ගෙනි

යුගල ගායනය සදහා 1 සහ 2 ලෙස ගී පද වෙන්කොට ඇත

{1} ආවා සේ ඈ දුර ගියා

ආරාධනා ගිලිහුනා

කඳුලේ හීතලේ

සුසුමේ රඳවලා

අඳුරේ මා තබා

සඳ සේ බැස ගියා

ආවා සේ ඈ දුර ගියා

ආරාධනා ගිලිහුනා

රුවන් හෙට්ටිආරච්චි

ඩුලිප් මිරැන්ඩෝ

මහේෂ් රත්සර මද්දුමාරච්චි

වරාමලී (2014)

{2} එකම මගක ගිය ඒ කාලේ

පැතුම් අතුරලා

සඳට කී කථා තනිවේවී...

හැඟුම් ගොළුවෙලා...

එකම මගක ගිය ඒ කාලේ

පැතුම් අතුරලා

සඳට කී කථා තනිවේවී...

හැඟුම් ගොළුවෙලා...

නුඹගේ මුදු ගී රාවේ

නොව ඒ හද වීණාවේ

රුව නෑ නෙතු මානේ

නුඹ නෑ නැවතිලා

කඳුලේ හීතලේ

සුසුමේ රඳවලා

අදුරේ මා තබා

සඳ සේ බැස ගියා

{1} ආවා සේ ඈ දුර ගියා

ආරාධනා ගිලිහුනා

කඳුලේ හීතලේ

සුසුමේ රඳවලා

අදුරේ මා තබා

සඳ සේ බැස ගියා

ආවා සේ ඈ දුර ගියා

ආරාධනා ගිලිහුනා

මහේෂ් රත්සර මද්දුමාරච්චිගේ තිර රචනයට ශාන්ත සොයිසා අධ්‍යක්ෂකණය කල , 2014 වර්ෂයේදී රූපවාහිනියේ විකාශනය වූ වරාමලී ටෙලිනාට්‍ය යෙහි තේමා ගීතය වන අතර ප්‍රධාන චරිත ලෙස බිමල් ජයකොඩි සහ මංජුලා කුමාරි රංගනයෙන් දායක වුනි

Nhiều Hơn Từ Ruwan Hettiarachchi

Xem tất cảlogo