menu-iconlogo
huatong
huatong
Lời Bài Hát
Bản Ghi
ඇසේ දැවටෙන සුළඟ ආයෙත්

වැළඳ ගන්නට හිතෙනවා

හිතේ තෙරපෙන දහක් සිතිවිලි

කියාලන්නට හිතෙනවා

ඔහේ පාවුනු ජීවිතේ දැන්

මගේමයි මට හැඟෙනවා

ආදරේ ආදරේ

මගෙන් මං ගැන අහනවා

මගෙන් මං ගැන අහනවා

සුළං රැල්ලේ දැවටිලාවත්

ඇවිත් යන්නට හිතෙනවා

නළල් තලයට දෙතොල් ලංකර

හාදු දෙන්නට හිතෙනවා

පියානොපියෙන නෙතුපියන්යට

ඔබේ රූපය මැවෙනවා

ආදරේ ආදරේ

මගෙන් මං ගැන අහනවා

ආදරේ ආදරේ

මගෙන් මං ගැන අහනවා

සුසුම් අතරේ නිදන්ගතපෙම

හිතේ පත්ලට දැනෙනවා

ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක්

කල්පයක් සේ හැඟෙනවා

කියා නොකියූ පෙම්හැඟුම්රස

හදේ උතුරා ගලනවා

ආදරේ ආදරේ

මගෙන් මං ගැන අහනවා

ආදරේ ආදරේ

මගෙන් මං ගැන අහනවා

Nhiều Hơn Từ Thisara Weerasinghe/Rushan Nishantha Silva/Lahiru De Costa

Xem tất cảlogo