menu-iconlogo
huatong
huatong
avatar

Adaraye Ulpatha Wu Amma - ආදරයේ උල්පත වූ අම්මා

Victor Rathnayaka/Premakeerthi de Alwishuatong
RuuJayhuatong
Lời Bài Hát
Bản Ghi
ගායනය සහ සංගීතය : වික්ටර් රත්නායක

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්

****************

ආදරයේ උල්පත වූ අම්මා

මා ඔබගේ පුතු වූ

ඔබ මතු බුදු වන දවසේ

මා රාහුල කුමරුන් සේ

සෙවණ පතා

අද මෙන් පැමිණෙන්නෙමි

සුළැඟිල්ලේ එල්ලී...

****************

සඳ දිය කොට

කිරි වතුරෙන්

ඒ දියරෙන් මුව දෝවා

දිව මතුරක් වන්

නැළැවිලි ගීයෙන්

මතකයි මා නැළැවූවා

ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී

ඒ ජිවිතයට කිරි දී පණ දී

මා දැඩි කළ අම්මා...

ආදරයේ උල්පත වූ අම්මා

මා ඔබගේ පුතු වූ

ඔබ මතු බුදු වන දවසේ

මා රාහුල කුමරුන් සේ

සෙවණ පතා

අද මෙන් පැමිණෙන්නෙමි

සුළැඟිල්ලේ එල්ලී...

********************

තුරුළට ගෙන

අත් පා හැඩ ගස්වා

නිදි ගන්වා යහන් ගැබේ

සිහිනෙන් ගෑ සුවඳක් මෙන්

සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ

දවසින් දවසට සෙනෙහස ළබැඳී

ගෙන දී දිවියට නව පණ ලැබ දී

මා දැඩි කළ අම්මා...

ආදරයේ උල්පත වූ අම්මා

මා ඔබගේ පුතු වූ

ඔබ මතු බුදු වන දවසේ

මා රාහුල කුමරුන් සේ

සෙවණ පතා

අද මෙන් පැමිණෙන්නෙමි

සුළැඟිල්ලේ එල්ලී...

Nhiều Hơn Từ Victor Rathnayaka/Premakeerthi de Alwis

Xem tất cảlogo
Adaraye Ulpatha Wu Amma - ආදරයේ උල්පත වූ අම්මා của Victor Rathnayaka/Premakeerthi de Alwis - Lời bài hát & Các bản Cover