꧁🇱🇰💜අභිමානය💜🇱🇰꧂[FAMILY]
Artist: Dinesh Gamage
සිහිනේ පායාවී රෑ
අඳුරේ තනිවෙන්නේ නෑ
සොඳුරේ අත්වැල් බැඳන්
දුර ඈතට ඉගිල යන්
ආදරයේ සීමා සොයා
කුළුදුල් මනමාලකම්
විඳිමින් හරි ආදරෙන්
සඟවා සෝ සුසුමන් පවා
තමරසා... තමරසා...
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලු වී ඔබ හිනැහුනා....
🎼🎶 MUSIC🎶🎼
සිහිනේ කියා දෙන්න
ලංවී හිඳින්නම්ද මා
සංසාරයේ ගීය
මුමුණන්න ලං වෙන්න මා හා
මල් යහනා අතුරන්නම්
එහි සතපා සනසන්නම්
මා ආදරෙන්... ආදරෙන්
🎼🎶 MUSIC🎶🎼
කඳුලේ ඔබ ඕනෑ නෑ
තනි නෑ ලඟ ඉද්දී ඈ
සොඳුරේ අත්වැල් බැඳන්
තව ඈතට ඉගිල යන්
ආදරයේ සීමා සොයා
කුළුදුල් මනමාලකම්
විඳිමින් හරි ආදරෙන්
සඟවා සෝ සුසුමන් පවා
තමරසා... තමරසා...
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලු වී ඔබ හිනැහුනා
තමරසා... තමරසා..
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලු වී ඔබ හිනැහුනා....
Uploaded By: 🌟RUKSHILA🌟
꧁🇱🇰💜අභිමානය💜🇱🇰꧂[FAMILY]