menu-iconlogo
huatong
huatong
avatar

Mee Pirunu Suwanda - Radio Version

H. R. Jothipala/Anjaleen Gunathilakehuatong
aiburixahuatong
歌词
作品
මී පිරුණු සුවඳ මල් වනේ

ආදරය සිනා සෙනු පෙනේ

පැතුම් බිහි වෙලා කුරුළු වෙස් වලා

අනන්තයට යයි පියාඹලා

රැව් නැඟේ තුරුණු හද බිමේ

ජීවිතය අරුත දැන් දැනේ

හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා

කතා කරයි පියා සල සලා

සිහිනෙකින් හරී

සිතන්නට බැරී

ඉඳුනිලක් ලැබී

කැළුම් දෙයි පිරී

විමන් නොපතමි

යහන් නොසයමි

ඔබගෙ හද බිමේ

වැතිර සැතපෙමි

නෙත් පියන් වැසීලා

සිත් තුටින් පිරීලා

නින්ද යයි සුවෙන් නිසන්සලේ

රැව් නැඟේ තුරුණු හද බිමේ

ජීවිතය අරුත දැන් දැනේ

හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා

කතා කරයි පියා සල සලා

මී පිරුණු සුවඳ මල් වනේ

ආදරය සිනා සෙනු පෙනේ

පැතුම් බිහි වෙලා කුරුළු වෙස් වලා

අනන්තයට යයි පියාඹලා

කොකුන් තුවරලා

සඳුන් මුසු වෙලා

සුගන්ධය ගලයි

සුළගේ විසිරි ලා

පෙර දි තැනක දී

දිනෙක බැඳි බැඳී

හිටිය හැටි සිතේ

මතකෙ ඇඳි ඇඳී

ඒ ගැනත් මෙසේමයි

මේ දිනත් මෙවාගෙයි

පෙම් පහන් දිලෙයි බවෙන් බවේ

මී පිරුණු සුවඳ මල් වනේ

ආදරය සිනා සෙනු පෙනේ

පැතුම් බිහි වෙලා කුරුළු වෙස් වලා

අනන්තයට යයි පියාඹලා

අනන්තයට යයි පියාඹලා

අනන්තයට යයි පියාඹලා

更多H. R. Jothipala/Anjaleen Gunathilake热歌

查看全部logo