menu-iconlogo
huatong
huatong
avatar

Al Hene Pel Rakiddia

H. R. Jothipalahuatong
cipitillohuatong
歌词
作品

ඇල් හේනේ පැල් රකිද්දී

කුඹුරේ කරල් කපද්දී

ඔබ කීව ගීතිකාවෝ

මට නෑ ප්‍රියේ ඇසෙන්නේ

ඇල් හේනේ පැල් රකිද්දී

කුඹුරේ කරල් කපද්දී

ඔබ කීව ගීතිකාවෝ

මට නෑ ප්‍රියේ ඇසෙන්නේ

මල් රේණු රේණු උරලා

පැණි බොන්න ආව බඹරා

වගෙ හැංගිලාම ඉඳලා

ඔබෙ ගීත මිහිර විඳලා

මම ගියෙ සුසුම් හෙලාලා

වන මල් නෙලා ගෙනල්ලා

ඔබෙ රූපෙ වාගේ හදලා

මම ඒක සිම්බ තාලේ

ඔබ නෑ ප්‍රියාවි දන්නේ

සුදු පරවියෙක් ඇවිල්ලා

මගෙ කන ළඟින් ගිහිල්ලා

මොනවාද රහසෙ කීවා

ඌ එව්වෙ ඔබද මිහිරේ

මගෙ දෝතෙ මල් පිපීලා

හොඳ පාට පාට වීලා

තිබුනා එදා නිදද්දී

තේරෙන්නෙ දැන්නෙ සිහිනේ

තේරෙන්නෙ දැන්නෙ සිහිනේ

මම තනිව උන්න යාමේ

ඔබ තනිව බැන්ද ප්‍රේමේ

නොකියා ගියේ සුදෝ ඇයි

දැන්නම් අනේ ප්‍රමාදයි

හද මාගේ දෙන්න කියලා

මම ආමි ප්‍රේමි සොයලා

ආවේ ප්‍රියා පමාවී

දැන් නම් පලක් නොවේවී

දැන් නම් පලක් නොවේවි

ඔබ ඉන්න පැත්තෙ ඉඳලා

එන සුළඟ මම සිඹින්නම්

මේ ජීවිතේදි බැරි නම්

මතු ජාතියේ ලබන්නම්

මේ වන් දුකක් නොවේවා

ප්‍රේමෙන් දුකක් නොවේවා

මෝරාලා බැන්ද ආලේ

මතු ජාති ඔබ ලැබේවා..

更多H. R. Jothipala热歌

查看全部logo