menu-iconlogo
logo

Malwara Wasanthe Jothipala

logo
歌词
M මල්වර වසන්තේ චාමර සලා

F නොදුටුව කුරුල්ලෝ එති පියඹලා....

M අද දින උදාකළ සූර්‍ය කුමරුනේ

F වරමින් ඔබේ අප දෙදෙනා හමුවුණේ....

M/F කඳුළැල් සමීරේ අපි තනිවෙමු

? සංගිතය ? (ශාන්ත/ශාරා)

M ඔබටලු පුියේ මම ආදරේ

ඒ පෙම් හැඟුම් පවසන්න හිතෙනවා....

F මට ඇයි පුියේ ඔබ ආදරේ

සැලි සැලි ලවන් විමසන්න හිතෙනවා....

M අරුමය එයයි නෙත් දුටු නිමේෂයෙන්

F හිත හිනැහුණේ ඇයි සීනු නාදයෙන්....

M/F කඳුළැල් සමීරේ අපි තනිවෙමූ

M/F කඳුළැල් සමීරේ අපි තනිවෙමූ..

?සංගිතය ? (ශාන්ත/ශාරා)

M සහසක් දනෝ අතරින් සදා

ඔබගේ රුවයි මා සොය සොයා ගියේ....

F නොදැනිම පවා රේඛාවකින්

ඔබේ පිළිරුවයි තිබුණේ ඇඳී ළයේ....

M අරුමය එයයි අප දුටු නිමේෂයෙන්

F අපි හිනැහුණා සිත් සීනු නාදයෙන්.....

M/F කොතනක කොහේ හෝ පෙර දුටු ලෙසින්

M/F පෙර අත් භවේ හෝ හමුවුණ සෙයින්....

M සියොළඟ ඔබේ හුරු නුහුරු සුවඳ දේ

F සිතිවිලි පුරා පෙම් කැකුළු පිළිසිඳේ....

M/F කඳුළැල් සමීරේ අපි තනිවෙමූ

M/F හ්ම්....හ්ම්....හ්ම්....හ්ම්.....

M/F හ්ම්....හ්ම්....හ්ම්....හ්ම්.....

M/F හ්ම්....හ්ම්....හ්ම්....හ්ම්.....

M/F හ්ම්....හ්ම්....හ්ම්....හ්ම්