jayantha colombage  
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ 
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ .... 
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ 
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ .... 
 jayantha colombage  
මල් ගොමු පිස එන මද නල අතරමඟකදී 
මා එන මඟ වළකන්නට බලා උනි රැඳී .. 
මල් ගොමු පිස එන මද නල අතරමඟකදී 
මා එන මඟ වළකන්නට බලා උනි රැඳී .. 
දසත සැරිසරා සෙව්වෙමි ගුවන් තල අරා 
නොදැක ඔබේ රුව සෝකය නැඟෙයි හද පුරා 
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ 
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ 
 jayantha colombage  
සෙවණ ලදිමි තුරු ගොමුවල එය නො වෙයි සුවේ 
ගිමන නිවන මහද අරණ තුරුල ඔබ ප්‍රියේ 
සෙවණ ලදිමි තුරු ගොමුවල එය නො වෙයි සුවේ 
ගිමන නිවන මහද අරණ තුරුල ඔබ ප්‍රියේ 
වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරි සරා 
සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා 
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ 
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ 
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ 
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ 
 jayantha colombage  
 END