menu-iconlogo
huatong
huatong
歌词
作品
අන්ධකාරය දිග හැරී

රැඟුම් වෙයි අවසන්

හිස් අසුන් පමණක් බලා හිඳ

ඔවුනොවුන් විමසන් ආකාලේ

මියැදෙන්න හෝ...

ප්රේමයක් තිබුණේ නම්

පිටපතින් පිට වී යන්න ගිය

පිටස්තර වූ බොහෝ උදවිය

සනසන්න යැයි ගිනි තියා ගිය

කියාගන්නට නොහී

කැකෑරෙන ලෝ ගිනී

වැලපුමක් කර ගයන්නට

තාලයක් තිබුණා නම්

අසුරු සැණ පරදා ගෙවී ගිය

ජිවිතේ මල් පිපුණු කාලය

යලි නොම එන බව පසක් විය

නාටකය නිම වී (කියාගන්නට නොහී)

මා ගිමන් හරිමී (කැකෑරෙනා ගිනී)

බඹර තුඩු කඩතොලක්වත්

පෙති මත්තේ තිබුණා නම්

අකාලේ

更多Tharindu Damsara热歌

查看全部logo