M]ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ හමා
M]ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා
M]පියඹා එන්නට අවසර දෙනු මැන
ළං වී ඉන්නට සැමදා ඔබ වෙත
F]සෙනෙහස ගන්නට පහස ලබන්නට
සිහින ලොවින් හෝ සැබෑ කරනු මැන
M]ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
F]මගේ හදේ හිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා
M]ඔබ හා සිතනා මාගේ පැතුමන්
හමනා සුළඟේ මුදා හරින්නම්
F]සීත පටලයන් අතරේ සැඟවී
උණුසුම් සුසුමන් නිවා හරින්නම්
M]ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ හමා
F]ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා