කවුළුව අතරින් සද රැස් ඒනවා
පොල් අතු වහලින් පිණි බේරෙනවා
සොදුරිය මාගේ පුංචි පුතා මා
උකුලෙ තියා නළවනවා
අදුරුය පාළුය නිසලය මේ රැය
සීතල සුළගද ඒය හමා
වවුලන් ඉගිලෙයි දොරකඩ අරඹේ
බකමූණෙකු ඉද නද දෙනවා
සොදුරිය මුමුණන නැළවිලි ගීතය
සුරගන ගීතය පරදනවා
කවුවව අතරින් සද රැස් ඒනවා
පොල් අතු වහලින් පිණි බේරෙනවා
සොදුරිය මාගේ පුංචි පුතා මා
උකුලෙ තියා නළවනවා
අග හිගකම් මැද අාදරෙ පොදි බැද
අප ඒක්වුණු හැටි සිහිවෙනවා
දින දින දිලිහෙන දහසක් පැතුමන්
අතරේ සෙනෙහස ලියලෙනවා
අප අතරට වන් පොඩි පුතු බැදි දම්
දිවි සටනට දිරි ගෙන ඒනවා
කවුළුව අතරින් සද රැස් ඒනවා
පොල් අතු වහලින් පිණි බේරෙනවා
සොදුරිය මාගේ පුංචි පුතා මා
උකුලෙ තියා නළවනවා
සොදුරියගේ දොයි දොයි හඩ නෑ දැන්
නිදිමත වී හිස බරවෙනවා
ගේ දොර වැඩපල හිරිහැර කරදර
මා හින්දා අෑ ඉවසනවා
නිදියනු සොදුරිය නිදියනු මා පුත
දෙවියෝ මට ඔබ රැක දෙනවා
කවුළුව අතරින් සද රැස් ඒනවා
පොල් අතු වහලින් පිණි බේරෙනවා
සොදුරිය මාගේ පුංචි පුතා මා
උකුලෙ තියා නළවනවා