menu-iconlogo
huatong
huatong
avatar

Ira Sanda Wendala

H. R. Jothipalahuatong
vickominghuatong
歌詞
作品
ආදරේ

ආදරේ

ආදරේ

ඉර සඳ වැඳලා, නෙත් දෙක ඇරලා

අත ඔබේ නලලේ තියා

හදවත සපුරා, පවසම් ඉඳුරා

මම ආදරෙයි කියා.

මගෙ සිත සැනසි, සැක බිය වැනසි

ගණඳුර පහව ගියා

මම ඔබ අඳුනා, පිළිගමි ඉඳුරා

මට ආදරෙයි කියා.

සතර දිගන්තේ, සොඳුරු වසන්තේ

ඔය මුහුණෙහි දකිමි

ඇසි පිය නොහැරා, දෙනෙතෙහි සතපා

ඔබෙ රැව මම රකිමි....

ඉර සඳ වැඳලා, නෙත් දෙක ඇරලා

අත ඔබේ නලලේ තිය

හදවත සපුරා, පවසම් ඉඳුරා

මම ආදරෙයි කියා

මගෙ සිත සැනසි, සැක බිය වැනසි

ගණඳුර පහව ගියා

මම ඔබ අඳුනා, පිළිගමි ඉඳුරා

මට ආදරෙයි කියා

මුළු ලොව මත්තේ, මගෙ යැයි කිව හැකි

ඔබ පමණයි ඇත්තේ

හෝ.... ඔබ මා ලඟ නම්, ජීවියට වෙන

කිසිවක් හිඟ නැත්තේ....

ඉර සඳ වැඳලා, නෙත් දෙක ඇරලා

අත ඔබේ නලලේ තියා

හදවත සපුරා, පවසම් ඉඳුරා

මම ආදරෙයි කියා

මගෙ සිත සැනසි, සැක බිය වැනසි

ගණඳුර පහව ගියා

මම ඔබ අඳුනා, පිළිගමි ඉඳුරා

මට ආදරෙයි කියා....

හා...... හා හා හා.......

හෝ හෝ හෝ....... හෝ හෝ හෝ

හා...... හා හා හා

更多H. R. Jothipala熱歌

查看全部logo