menu-iconlogo
huatong
huatong
avatar

Nobala

Raini Charukahuatong
r.g.mckibbonhuatong
歌詞
作品
නොබලා, මා දිහා ඔයා..

යනවා, කාගෙදෝ වෙලා..

සඟවා, වේදනා දරා..

හැමදා, ආදරේ කළා..

ඔබ නොඑනා නිසා කවුරුත් එපා

තනිවීලා ඉන්නවා...

සිනාවන් ගෙනා, වසන්තේ දමා

කොහේ යන්නදෝ පියාඹලා..

ඔයාගෙන් එහා, ලොවක් නෑ මවා

මගේ ජීවිතේ වගේ ඔයා..

පෙම්කෙරුව ඒ අතීතේ

වෙන්වී ගියා..

මාගේ බව කීව ඔබ දැන්

ඇයගේ වෙලා..

දැනෙනා මිලාන වේදනා

සඟවා හිදින්න බෑ සදා..

ඉකිගා හඬාන රෑ පුරා

පෙර පෑ සිනාව සේඳුනා..

බලාන ඉන්නවා සිතා...

සිනාවන් ගෙනා, වසන්තේ දමා

කොහේ යන්නදෝ පියාඹලා...

සන්තෝස යාමෙ රහසින්

බොඳවී ගියා..

දුක් වින්ද කාලේ සැනකින්

ලැබිලා මෙදා..

මතකේ තියාන කී කතා

දිවියේ පුරාම ඉන්නවා..

මට දාලා යන්න බෑ ඔයා

නොපමාව එන්න මා සොයා..

සමාව තියෙනවා සදා..

සිනාවන් ගෙනා, වසන්තේ දමා..

කොහේ යන්නදෝ පියාඹලා..

ඔයාගෙන් එහා, ලොවක් නෑ මවා

මගේ ජීවිතේ වගේ ඔයා..

නොබලා, මා දිහා ඔයා..

යනවා, කාගෙදෝ වෙලා..

සඟවා, වේදනා දරා..

හැමදා, ආදරේ කළා..

ඔබ නොයනා නිසා කවුරුත් එපා

තනිවීලා ඉන්නවා...

更多Raini Charuka熱歌

查看全部logo