menu-iconlogo
huatong
huatong
avatar

Api Ayeth Yamu

sangeeth/BAHS Preenahuatong
🈯🎼🔸SƛƝƓЄЄƬӇ🔸🎼🈯huatong
歌詞
作品
Original Artist- BAHS Preena

Pleiades Creations

(A)අපි ආයෙත් යමු තුරුලුවෙන්න

ඒ තුරු සෙවනට

ඉස්සර වාගේ මල් පිපේවි

ලා දම්පාටට

(B)එදා මෙන්ම හිස තියාන

මගෙ උරතලයට

හඬා වැටී තෙත් කරන්න

මා ළය මඬලම

-Music-

Original Artist- BAHS Preena

Pleiades Creations

(A)නෙත පාරන රිදුම් ගෙනෙන

නපුරු වදන්වල

සැඟවී ඇත හිත පතුලේ

ඇවිලෙන ගින්දර

(B)මේ සිහිනය දමා යමුද

දුකසේ ඉදිකල

හිරු නැගෙන්න දෙන්න එපා

ඔබ නැති හෙටකට

-Music-

Original Artist BAHS Preena

Pleiades Creations

(B)ඇස් කොන්වල තරුදිලුනේ

මා වෙනුවෙන් බව

ඔබ අන්සතු කර නැති බව

මට හිමි දේපල

(A)මං විතරක් ඉන්නා බව

ඔය හදවත තුල

මට කියාදෙන්න හිනැහෙන්නම්

යළි පෙර වාගෙම

(B)අපි ආයෙත් යමු තුරුලුවෙන්න

ඒ තුරුසෙවනට

ඉස්සර වාගේ මල් පිපේවි

ලා දම්පාටට

(A)එදා මෙන්ම හිස තියාන

මගෙ උරතලයට

හඬා වැටී තෙත් කරන්න

මා ළය මඬලම

-End-

更多sangeeth/BAHS Preena熱歌

查看全部logo